මාර්ගයේ ධාවනය වන වාහන සංඛ්‍යාව ඉහළ යාමත් සමග ගත වූ මාස 6 ක කාලය තුළදී රිය අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මේ අනුව රිය අනතුරු බහුල වීම මූලික කරගනිමින් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන සියලුම පොලිස් ස්ථාන සහ රෝහල් එක්ව නව වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/LASANTHA-ALAGIYWANNA-EDIT.mp3?_=1

මේ අතර මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා ආරම්භ කර ඇති විශේෂ වැටලීමේ ක්‍රියාවලිය එළඹෙන අගෝස්තු මස පළමුවනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

බස්නාහිර පලාත තුළ සිදු කළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය ලබාගෙන රිය පැදවූ 41 දෙනෙකු හදුනාගැනීමට විමර්ශන නිලධාරින් සමත් වී ඇති අතර ඉන් 19 දෙනෙකුම බස්රථ රියදුරන් බවටයි පොලිසිය පවසන්නේ.

WhatsApp Group

Skip to content