ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද දාගැබේ ධාතු තැන්පත් කිරීමේ පුණ්‍ය කර්මය වෙනුවෙන් ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පෙරහැර අද තෙවැනි දිනටත් ආරම්භ කෙරිණා.
පසුගිය 28 වැනිදා රුවන්වැලි මහා සෑය අසළින් ආරම්භ කළ ධාතු වැඩම කරවීමේ පාද යාත්‍රාව අද වවුනියාව බූඔය යුධ හමුදා කඳවුර අසළින් ආරම්භ වුණා.
ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද දාගැබේ ධාතු තැන්පත් කිරීමේ පුණ්‍ය කර්මය 03 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරයේ විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්යල ගල්ගමුවේ සන්තබෝධි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන සංවිධානය කර තිබිණා.
භික්ෂූන් වහන්සේලා 50 නමක් ධාතු වැඩම කරවීමේ පෙරහැරේ පාගමනින් වැඩම කළා.

WhatsApp Group

Skip to content