ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමු වූ කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනු කිරීමටයි කටයුතු කර තිබුණේ.

පසුගිය 21 වැනිදා ධනුෂ්කගේ නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී අවසන් කෙරුණා.

ඒ අනුව එහි තීන්දුව අද ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමටයි එරට අධිකරණය තීන්දු කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content