ධනා නමින් හදුන්වනු ලබන සුළි කුණාටුවක් මේ වන විට බෙංගාල බොක්ක ආශ්‍රිත කලාප වර්ධනය වෙමින් පවතින බව ඉන්දීය කාළගුණ අංශ අනතුරු අඟවනවා.

එම සුළි කුනාටුව හෙට දිනයේදී ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාලය අතර ප්‍රදේශයෙන් ගොඩබිමට පැමිණෙනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරන අතර මේ වනවිට සුළගේ වේගය පැයට කිලෝමීටර 120 දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

අධික වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ධීවරයින්ට මුහුදු යාමෙන් වළකින ලෙසට අනතුරු අඟවා ඇති බවයි ඉන්දීය කලගුණ අංශ අනතුරු අගවන්නේ.

එමෙන්ම දුම්රිය ගමනාගමනයද තාවකාලිකව අත්හිටුවීමටය පියවර ගෙන ඇති බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content