මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් 92%ක් ම රට තුළම නිපදවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාරය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ , ඒ සඳහා කිසිදු බද්දක් අය නොකරන බවයි.
ආනයනික ඉතිරි 8%ක ප්‍රමාණය නිෂ්පාදිත ද්‍රව්‍ය ලෙස එක් සමාගමක් මෙරටට ගෙන එන අතර, ඒ සඳහා අය කරන්නේ ද 22.5%ක බදු මුදලක් පමණක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.
වරාය සහ ගුවන් තොටුපොළ බද්ද, සමාජ ආරක්ෂණ බද්ද සහ සෙස් බද්ද යන සියළු බදු මෙම 22.5 % කට ඇතුළත් බවත්
එම බදු ප්‍රමාණය අය කරන්නේ ද දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

තල්දූව ප්‍රදේශයේ දී ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

WhatsApp Group

Skip to content