දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තශාලා 3000ක් රැක ගැනීම සඳහා ඉදිරියේ දී සැළසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින්ට අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන් ් මුහුණ දී සිටින ගැටළු පිළිබඳ සාකච්ඡාවක්, පසුගිය දා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේදී.

මෙම සාකච්ඡාවේදී අනාවරණ වුයේ මෙරට වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 290,000 ක් වන නමුත් අප රට තුළ නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණක් බවයි . ඉතිරි අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් 250,000ක ප්‍රමාණය මෙරටට ආනයනය කරනු ලබනවා.

WhatsApp Group

Skip to content