දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .
විදෙස් මාධ්‍ය නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ .

එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ එම විවාදය එලඹෙන සෙනසුරාදා සහ ඉරිදා පවත්වන බවයි .
මේ අතර මෙම සතියේදී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට විදෙස් ගමන්වලින් වලකින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.
එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ගැන සාකච්ඡා කිරීමට හෙට දිනයේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content