දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබදව සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සදහන්.

මේ අතර ලබන සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් සිදු වනු ඇති බවයි.

ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව – මැදිරිගිරිය ජාතික පාසලේ පැවති උත්සවයකදී.

https://www.vnews.lk/storage/2023/06/SAJITH-PREMADASA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content