දේශීය කර්මාන්ත නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී අඩු කිරීමට පියවර ගන්නා බව රජය පවසනවා.

පාලන මිලක් පනවා හෝ ගැසට් මගින් අදාළ නිෂ්පාදනවල මිල ඉදිරි සති කිහිපය තුළ අඩු කිරීමට පියවර ගන්නා බවයි වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/06/NALIN-EDIT.mp3?_=1

මේ අතර පාලන මිල ගණන් පැනවීමේදී පුද්ගලික අංශය සමග එක්ව නියාමනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුමාර වෙල්ගම මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/06/KUMARA-WELGAMA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content