වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා.

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව සේවා දිගු හතරක් වරින් වර ඔහු හට හිමි වූ අතර එම සේවා දිගු අවසන් වූයේ නොවැම්බර් මස 25 වනදායි.

මේ අතර පොලිස්පති වශයෙන් පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර අද දින වැඩබලන පොලිස්පති ලෙස පත් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මර්ධනයට කටයුතු කරන බවයි.

 

ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත් කිරීමෙන් අනතුරුව ඒ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.

1998 වසරේදී සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයට පත්වීමට පෙර බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා.

WhatsApp Group

Skip to content