සජිත් ප්‍රේමදාස මහතාට තමා බෙහෙවින් ආදරය සහ ගෞරව කරන බවත්, සියල්ලට වඩා තමන් රටට ආදරය කිරීම හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පල කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

මෙරට තුල ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීමට තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට හැකියාව පවතින බව රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසනවා.

මාධ්‍යට අවශ්‍ය පරිදි තම පක්ෂය කිසිදු අවස්තාවක කටයුතු නොකරන බව ජාතික ජන බලවේගය පවසනවා.
එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

තම සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නේ කිසිවක් බලාපොරොත්තුවෙන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

WhatsApp Group

Skip to content