දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සදහා තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත් ඔහු සදහන් කළා .

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් .

මේ අතර උසස් පෙළ සඳහා කලා විෂයන් හදාරණ සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වෙනත් විෂයයන් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් එමඟින් 2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අවශ්‍ය අනාගත පරපුර නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/08/RANIL-WIKRAMASINGHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content