දේශපාලඥයන්⁣ගේ මැදිහත් වීමකින් තොරව රටේ සංවර්ධන කටයුතු ඉදිරියට පවත්වාගෙන යා හැකි බවට ඇතැම් පාර්ශ්ව තුළ තිබූ විශ්වාසය තව දුරටත් වලංගු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ සංවර්ධන කටයුතු ජනතාවට වඩාත් ඵලදායි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලඥයා තුළ ඇති නායකත්වය අතිශය වැදගත් බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී අදහස් දවමින් අමාත්‍යවරයා මේ නව සඳහන් කලා.

උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දිය සිට අනුරාධපුර දක්වා නවීකරණ කටයුතු හේතුවෙන් මතුව ඇති ගැටලු පිලිබඳ විසඳුම් ලබා දීම සඳහා යි අදාළ සාකච්ඡාව පවත්වා තිබුනේ.

එහි දී දුම්රිය මාර්ගය පැවැති මට්ටමට වඩා අඩි දෙකක් පමණ නවීකරණයේ දී ඉහළ එසවීම හේතුවෙන් ජලය බැසයාම, හරස් මාර්ග රථවාහන ගමනා ගමනයට අපහසු වන පරිදි අනවශ්‍ය ප්‍රමාණයට ඉහළට එසවී තිබීම යන කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
එහි දී අනාවරණ වූයේ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් මෙම ගැටලු මතුව ඇති බවයි.

 

WhatsApp Group

Skip to content