දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සදහා උපායමාර්ගික වැඩපිළිවෙල මෙහෙයවීමට ජාතික උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා.

දේශගුණ විපර්යාසවලට මුහුණ දීමේ ශ්‍රී ලංකාව මුලපිරිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදීයි මෙම ජාතික උපදේශක කමිටුව පත්කර ඇත්තේ.

පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් අදාළ කමිටුව පිහිටුවා ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

අදාළ කමිටුව අවම මාස 06කට වරක් රැස්වී එම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි මෙම විශේෂ සාකච්ඡාව ඊයේ පැවැත්වුණේ.

WhatsApp Group

Skip to content