බුදු දහමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර, පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

මෙම දේවගැතිවරයා එවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමෙන් අනතුරුව අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමට සහ ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම සඳහා ගුවන් ගමන් තහනමක් පනවා තිබූ අතර පසුව එම තහනම ඉවත් කර තිබුණා.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද(29) දින අලුයම 01.32 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 658 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එහි මුදල් ගෙවා පහසුකම් ලබන “රන් මාවත” (ඨදකා ඍදමඑැ) විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම දේවගැතිවරයා සමග තවත් දෙදෙනෙකු ද පැමිණ ඇති බවයි වී නිව්ස් ගුවන් තොටුපොළ වාර්තාකරු කියා සිටියේ.

WhatsApp Group

Skip to content