ප්‍රකාශයක් ලබා දීම සදහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද දින යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති දේව මෙහෙයකදී ආගමික අසමගිය ඇති කිරීමේ චෝදනාව යටතේ ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි අධිකරණය මොහුට නියෝග කරනු ලැබුවේ.

බුදුදහමට අපහස වන අයුරුන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගියදා දිවයිනට පැමිණියා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පාර්ශ්ව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණා.

අනතුරුව දේවගැතිවරයා ඉදිරිපත් කළ පෙත්සමකට අනුව අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට නොගන්නා ලෙසයි.

WhatsApp Group

Skip to content