දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතාට ඇප ලබාදී තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින්.

අදාළ නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත දේවගැති ජෙරම් ප්‍රනාන්දු මුදා හරින බවයි.

එසේම විදේශ ගමන් තහනමක්ද ඔහුට පනවා තිබෙනවා.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය දෙසැම්බර් මස පළමු වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව මතයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් දේවගැතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

 

WhatsApp Group

Skip to content