දෙහිවල ගුවන් පාලම මතදී මෝටර් රථයක් ගිනිගැනීමට ලක්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තාවන්නේ.
එම අවස්ථාවේ මෝටර් රථයේ ගමන්කරමින් සිටි පුද්ගලයා ඉන් ඉවතට පැන දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අවස්ථාවේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර මෝටර් රථයේ ඇතිවූ විදුලි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවයි සැක මතුව ඇත්තේ.

WhatsApp Group

Skip to content