ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර අද සහ හෙට විදි සංචාරය කිරීමට නියමිතයි.

මේ හේතුවෙන් දහවල් 12. 00 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන් වනතුරු මාතර කතරගම ප්‍රධාන මාර්ගය මැදවත්ත කාර්මික විද්‍යාල හංදියෙන් සහ තලල්ල දකුණ මහා විද්‍යාලය අසලින් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

එබැවින් වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙනු ලබනවා.

මාතර දෙස සිට තංගල්ල හෝ කතරගම දෙසට යන වාහන මාතර දෙස සිට කැකනදුර මාර්ගයේ ධාවනය කර කැකනදුර හංදියෙන් රත්මලේ කැකනදුර මාර්ගයේ ගමන්කර, දික්වැල්ල නගරයෙන් කතරගම දෙසට ධාවනය කළ හැකියි..

තවද, තංගල්ල දෙස සිට ගන්දර දක්වා ධාවනය වන සියළු රථවාහන දෙව්නුවර ඉන්දන පිරවුම්හල අසල දක්වා ධාවනය කල හැකි බවද පොලීසිය මහ ජනතාවට දැනුම් දෙනු ලබනවා.

WhatsApp Group

Skip to content