සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව දෙවැනි විස්සයි 20 තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යයට අනුව කඩුළු 06න් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, එහිදී එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කිරීමටයි තරග තීරකයන් කටයුතු කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 17 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 116ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 119ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහනය කරනු ලබුවා.

WhatsApp Group

Skip to content