සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 15ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් වුනා.

බෙල්ෆාස්ට් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 5 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 255 ක්.
ලෙහ් පාවුල් ලකුණු 81 ක් රැස් කළ අතර, ඇමී හන්ට්නර් ලකුණු 66 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය හා කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් දවා ගැනීමටයි සමත් වුනේ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 48 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 240 ක් පමණයි.

චමරි අතපත්තු ලකුණු 22 කට දැවී ගිය අතර හර්ෂිතා සමරවික්‍රම පන්දු 124 කින් ලකුණු 105 ක් ලබා ගත්තා .
කවීෂා දිල්හාරි ලකුණු 53 යි.

පන්දු යැවීමේ දී අර්ලෙන් කෙයිලි කඩුලු 3 ක් දවා ගත්තා.

ඒ සමග දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමටයි අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට හැකි වුනේ .

WhatsApp Group

Skip to content