රජයේ සහ රජයේ අනුමත පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්වනවා.

අධ්‍යපාන අමාත්‍යංශය සදහන් කළේ ඒ අනුව අගෝස්තු 28 වනදා දක්වා පාසල් නිවාඩු ලබා දෙන බවයි.

දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු මස 28 වනදා අරම්භ කෙරෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළා.

මේ අතර 2022 සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇගයීම් මධ්‍යස්ථාන 100කදී අදාළ ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි.

මේ සදහා ගුරුවරුන් 27,500ක් පමණ එක්වන බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content