සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි.

ඊයේ දිනය නිමා වන විට තරගයේ වැඩි ගෞරව අත්කර ගැනීමට එංගලන්තය සමත් වුණා.

ඒ අනුව ඔවුන් දිනය නිමාවන විට සිය දෙවන ඉනිම සදහා එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබා සිටියා.

එංගලන්තය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 427ක් ලබා ගත්තා.

එංගලන්ත ඉනිමේ කඩුළු පහක් දවා ගැනීමට සමත් වූ අසිත ප්‍රනාන්දු ලෝඩ්ස් ගෞරව පුවරුවේ ස්ථානයක් හිමි ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස්කලේ ලකුණු 196ක් පමණයි.

ඒ අනුව එංගලන්තය මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 256ක් ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content