මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පක්ෂ ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා අද නම් කිරීමට නියමිතයි.

අද පෙරවරුවේ යාපනයේ දී එය සුදු කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පසුගියදා දෙමළ දේශපාලන පක්ෂ 07ක් සහ සිවිල් සංවිධාන 7ක් එක්ව ගිවිසුමකට අත්සන් කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.වී. විග්නේෂ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් මෙම අවස්ථාවට එක්වුනා.

ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. අරියනේන්ද්‍රන් සහ නීතිඥයෙකු වන කේ.වී. තවරාසා මෙලෙස දෙමළ පොදු අපේක්ෂයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා වී තිබෙනවා.

කෙසේ වෙතත් උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල මතයක් ප්‍රකාශ කර නැහැ.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සඳහන් කර තිබුනේ මේ අතර, ඡන්ද දායකයින් මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවයි.

WhatsApp Group

Skip to content