අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන බලපෑම් නවතාදමන ලෙසට දෙමළ දේශපාලන පක්ෂ හතක ඒකාබද්ධතාවයෙන් අද දිනයේ යාපනයේදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතයි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගෙයි තමිල් අරසු කච්චි, ප්ලොට්, ටෙලෝ සංවිධානය හා ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ මෙම විරෝධතාවය වෙනුවෙන් එකඟතාවය පළ කර තිබෙනවා .

මේ අතර මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එල්ල වු බලපෑම් ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා උතුරු නැගෙනහිර පළාත්වල නීතිඥවරුන්ද ඊයේ විරෝධතාවයක නිරත වුනා.

එහිදී නීතිඥවරුන් සිය සේවා කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක හා විරෝධතාවයක නිරත වීමටයි කටයුතු කළේ.

එමෙන්ම මුලතිව් මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ සරවනරාජා මහතාගේ ඉවත්වීමට හේතු වු තර්ජන හා බලපෑම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලමින් කිලිනොච්චිය ජනතාව පසුගියදා කිලිනොච්චිය නගරයේදී විරෝධතාවයක නිරත වුනා.

WhatsApp Group

Skip to content