ගම් දෙකක පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හත් දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම ගැටුම හට ගෙන ඇත්තේ පුන්නෙයිරාවී හා ධර්මපුරම් යන ගම්මාන දෙකේ වැසියන් දෙපිරිසක් අතර බවයි වාර්තා වන්නේ.

මෙම ගම්මාන දෙකේ වැසියන් අතර කාලයක සිට ආරවුලක් පවතින බව සඳහන්.

මෙවර ගැටුම හට ගෙන ඇත්තේ ධර්මපුරම් ගම්මානයට යාම සදහා අතුරු මාර්ගයක් සැකසීමට එම ගමේ වැසියන් සූදානම් වූ අවස්ථාවේදි ඊට පුන්නවිරාවී ගමේ වැසියන් විරෝධය පල කිරීමත් සමගයි.

කෙසේ වෙතත් අදාළ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content