දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථාවේ දී සම්මත වී තිබෙනවා.
ඒ සඳහා ඡන්දයක් පවත්වා නොමැති අතර මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් සංශෝධන 196ක් ඉදිරිපත් කරනු ලැබ තිබීම විශේෂත්වයක්.
පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී දින දෙකක් පැවැත්වුනා .
පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සලකා බැලීම ඊයේ( සිදුකෙරුණු අතර පනත තුන් වැනි වර කියවා සම්මත කෙරුණේ ඉන් අනතුරුවයි .
දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති විසි අටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කතානායකවරයාට දැනුම් දුන්නා .ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධනය කළා .

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින්ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වනවා .

එසේම දූෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් නව පනතින් සුරක්ෂිත කෙරෙන බවයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ .

WhatsApp Group

Skip to content