දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 21 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

පාර්ලිමේන්තුව ලබන 20 වනදා සිට 23 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය 20 වනදා පැවැත්වෙනු ඇති.

එමෙන්ම පසුගියදා ජාතික අමතා ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය ලබන 22 වනදා පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් ගෙනආ යෝජනාවකට අනුවයි මේ සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට තීරණය වී ඇත්තේ.

WhatsApp Group

Skip to content