පාසල තුළදී 10 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනා මත මන්නාරම සෙල්වනගර් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට බරපතල වැඩ සහිතව වසර 7 ක සිරදඩුවමක් මන්නාරම මහාධිකරණය විසින් ලබා දී තිබෙනවා.

එම දඩුවමට අමතරව රුපියල් 25,000 ක දඩ මුදලක් සහ රුපියල් ලක්ෂයක වන්දියක් ද දැරියට ගෙවන ලෙසයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.

2014 වර්ෂයේ සැප්තැම්බර් 23 වන දින මන්නාරම පාසලක 10 හැවිරිදි සිසුවියක් දූෂණය කළ බවට ලද පැමිණිල්ලක් අනුව මන්නාරම පොලිසිය අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලට අනුව දැරිය දූෂණය කිරීමේ සිද්ධිය පිළිබදව දැරියගෙන් ලබාගත් තොරතුරු මෙන්ම වෛද්‍ය වාර්තා සහ තවත් සාධක ඔප්පු වීම මත මෙම තීන්දුව ලබා දී ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content