ගෝනාපිනුවල ප්‍රදේශයේ බල්ලන් බුරා පැනීමේ සිද්ධියක් හේතුවෙන් යාබද නිවාස දෙකක් අතර සිදුවුණු බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතුවූ ආරවුලකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි ගෝනාපිනුවල, දෙල්ගහදුව වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

මරණකරු රැකියාව නිමකොට නිවසට පැමිණෙන අවස්ථාවේ දී බල්ලන් පිරිසක් බුරා පැමිණිමේ දී එම බල්ලන් අයිති හිමිකරුට පොරවකින් පහර දී ඇත.

පසුව තුවාල ලැබු පුද්ගලයාගේ පුතුන් දෙදෙනා මියගිය පුද්ගලයාගේ හිසට පොල්ලකින් පහර දීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content