දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ අදාළ වාලම්පුරිය රුපියල් ලක්ෂ පහක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී ඊයේ(14) දිනයේදී සැකකරුවෙකුද සමගින් වාලම්පුරිය අත්අඩංගුවට ගැනුණු බවයි.

දියතලාව, කහඹිලියාව නව ගම්මානයේ පදිංචි වයස අවුරුදු 22ක් වූ තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සැකකරු වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට සූදානම් වන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව වැටලීමක් සිදු කර තිබෙනවා.

එම වැටලීමේදී අදාළ සැකකරු සහ වාලම්පුරිය පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content