වෙළදපොලේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සීනි ව්‍යාපාරිකයින් පවසන්නේ.

එමෙන්ම දුඹුරු සීනි, පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවලින් පමණක් නිෂ්පාදනය කරනු ලබනවා.

සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 322 ක මිලකට ඊයේ අලෙවි වුණා.

කෙසේ වෙතත් වැට් බද්ද සියයට 18 කින් සහ සමාජ ආරක්ෂණ බද්ද සියයට 2.6 ක් එකතු වීමෙන් සීනි කිලෝග්‍රෑමයක මිල මෙලෙස ඉහළ ගොස් ඇති බව සදහන්.

මේ අතර ආනයනික සුදු සීනි කිලෝග්‍රෑමයක් මේ වන විට වෙළදපොලේ අලෙවි වන්නේ රුපියල් 265 ක මිලකටයි.

WhatsApp Group

Skip to content