කොළඹ පැවති උද්ගෝෂණයක් අතර තුර අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ තවත් කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ කොළඹ පැවැත්වූ විරෝධතාවයක් අතර තුරදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුනා.
එහිදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේ සැකකරුවන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්දනගර ගටහ කරන ලෙසයි.

ඊට අමතරව අධිකරණයට ඉදිරිපත් කළ තවත් 5 දෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඔවුන්ව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content