පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ද පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

එමෙන්ම ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වන බවටයි මීට සු`ඵ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම අද පෙරවරුවේ කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාව නම් කළ නමුත් අද පාර්ලිමේන්තුවේදී තමා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි වසන්ත යාපා බණ්ඩාර මහතා සදහන් කළේ. මේ අනුව මේ වන විට කෝප් කමිටුවේ සාමාජිකයින් 10 දෙනෙකු පමණ සිය සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content