දුම් පරීක්ෂණය සිදුකරන වාහන අතරින් සියයට 20ක් අසමත් වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම අදහස් ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන දුම් පරීක්ෂා සහතිකය , වාහන බලපත්‍රය සහ රක්ෂණාවරණය එකම ස්ථානයකින් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවයි.

WhatsApp Group

Skip to content