නීතිවිරෝධීව මෙරටට ගෙනා දුම්වැටි‍ තොගයක් සමඟ ගුවන් මගීන් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සිය ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි කාටූන් 115 බැගින් දුම්වැටි කාටූන් 345 ක් සඟවා ගෙන සිටියදීයි රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙසේ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සියල්ල රාජසන්තක කිරීමට නියෝග කර ඇති අතර මෙම ගුවන් මගීන් සිව් දෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ හතරක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content