දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන නිල ලිපියක් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් යුුතුව බණ්ඩාර මහතා වෙත යොමු කර ඇති බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසන්නේ.

ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස බණ්ඩාර මහතා පත් කිරීමට අමාත්‍ය මන්ඩලය පසුගිය 10 වනදා තීරණය කළ අතර මෙම පත් කිරීම නොවැම්බර් 03 වැනිදා සිට බලාත්මක වනු ඇති.

WhatsApp Group

Skip to content