ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එක්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටළු සඳහා අද පස්වරු 02කට පෙර රජයේ පාර්ශවයෙන් විසදුම් නොලැබෙන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි එම සංගමය සදහන් කළේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ සිය ගැටළු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී සිදුකළ සාකච්ඡාවලදී ලබා එකගතා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවයි.

ඒ අනුව හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කළේ.

WhatsApp Group

Skip to content