දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදා සාමාජිකයින් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය විසින් යුධ හමුදාපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි දුම්රිය ස්ථානවල ආරක්ෂාවට හමුදාව යොදවා ඇත්තේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුවන්ගේ හා පාලකවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.

මෙම වැඩ වර්ජනය හමුවේ දුම්රිය ස්ථානවලට ආරක්ෂාව සපයන පොලිසියේ සහය සදහා මෙලෙස යුද හමුදාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content