කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ අදාළ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට පැමිණිමේදී දුම්රිය නියමිත ස්ථානයේ නතර කරගැනීමට නොහැකිවී වේදිකාවේ ගැටීමෙන් ඊයේ මෙම අනතුරට සිදුව තිබුණා .

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු අවසන් වන තෙක් සිද්ධියට අදාළ දුම්රිය රියදුරුගේ සේවය අත්හිටුවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කලා.

WhatsApp Group

Skip to content