ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ මෙම වර්ජනයෙන් ඊයේ දිනයේදීත් දුම්රිය ගමන් වාර 70 කට අධික සංඛ්‍යාවක් අවලංගු කෙරුණා.

එහෙත් රාත්‍රී තැපැල් දුම්රිය සහ දුර ගමන් දුම්රිය ගමන් වාර රැසක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

මේ අතර තම ගැටලුවලට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් වර්ජනයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් රැස්වී සාකච්ඡා කරන බවයි ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අද දිනයේ දී අදාළ වෘත්තීය සමිති සාකච්ඡාවට කැඳවා ඇති බවයි දුම්රිය දෙපර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ අතර වර්ජනය පැවතුනද අද පෙරවරුවේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය 11ක්, හලාවත මාර්ගයේ දුම්රිය 4ක්, උතුරු මාර්ගයේ දුම්රිය 4ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 18ක්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය 3ක් සහ උදෑසන කොළඹ කොටුවේ සිට මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රිය 7ක් නියමිත පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ මහතා පවසනවා.

 

WhatsApp Group

Skip to content