දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.
දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන්.
ඒ අනුව අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 20ක් ධාවනය කිරීම අවලංගු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content