දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා.

කෙසේ වෙතත් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් වීම සදහා තවත් පැය කිහිපයක් ගතවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

අද පස්වරුවේද දුම්රිය අවලංගු කිරීම් සිදුවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ සම්බන්ධයෙන් දුම්රිය රියදුරු සංගමය සහ පාලනාධිකාරිය සමග අද පස්වරුවේ සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද දිනයේ කැබිනට් මණ්ඩලය රැස්වන අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දුම්රිය සේවකයින්ට යම් ගැටලුවක් පවතින්නේ නම් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව පවතින බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/07/BANDULA-GUNAWARDHANA-EDIT-1-2.mp3?_=1

නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සදහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ හේතුවෙන් ඊයේ සහ අද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ.

කෙසේ වෙතත් දුම්රිය වර්ජනය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා.

https://www.vnews.lk/storage/2023/07/JANATHA-EDIT-1-1.mp3?_=2

WhatsApp Group

Skip to content