දුම්රිය මාර්ගවල ඇණ ගලවාගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් 300 දෙනකුට අධික පිරිසක් යොදවා තිබෙනවා.

පසුගිය දින කීපයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීමට මූලික හේතුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් දුම්රිය මාර්ගයේ පීලි හා සිල්පර කොටන්වලට සම්බන්ධ කර තිබෙන ඇණ ගලවාගෙන යෑම බවයි පරීක්ෂණ වලදී අනාවරණ වුනේ.

මෙම තත්ත්වය මත දුම්රියේ ගමන් ගන්නා මගී ජීවිත ද ඉතා අනතුරේ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී. එස්. පොල්වත්තගේ සඳහන් කලේ.

ඒ අනුව කොළඹ ඇතුළු දිවයිනේ මාර්ගවල ඇණ ගැලවීමේ සිද්ධීන් වාර්තා වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මෙලෙස ආරම්භ කළ බවයි ඒ මහතා කියා සිටියේ.

එමෙන්ම, යම්කිසි පුද්ගලයකු හෝ පිරිසක් මෙලෙස දුම්රිය මාර්ගවල ඇන ගලවන්නේ නම් ඒ ගැන ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස ද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

https://www.vnews.lk/storage/2023/07/V.S-POLWATHTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content