දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දී තිබෙනවා.

එමෙන්ම අද රාජකාරි කිරීමට නියමිත සියලුම උප නියාමකවරුන් දහවල් 12 ට පෙර සේවයට වාර්තා කළ යුතු බවයි ඔහු දන්වා ඇත්තේ.

මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් දුම්රිය මූලස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා.

එම සාකච්ඡාව සදහා වෘත්තිය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නියාමකවරුන් ද එක්ව ඇති බව සදහන්.

මේ අතර දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේත් දුම්රිය කිහිපයක් අවලංගු වී තිබෙනවා.

ඒ අනුව කාර්යාල දුම්රිය කිහිපයක් ද අවලංගු වූ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් මගීන් සහ කාර්යාල සේවකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

https://www.vnews.lk/storage/2023/10/JANATHA-EDIT-1-1.mp3?_=1

දුම්රිය නියාමකවරයෙක් සහ දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරියෙකු අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ වුණා.
දුම්වැටියක් මුල්කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගැටුමට සම්බන්ධ දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම දුම්රිය ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් හමුදාව සහ පොලිසිය ද කැදවා තිබෙනවා.

WhatsApp Group

Skip to content