දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් ඝාතනය කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය තාක්ෂණ ශිල්පි සංගමයේ ප්‍රධාන යාන්ත්‍රීක ඉංජිනේරු උප දෙපාර්තමේන්තු ශාඛා කාර්යාලය තුළදි මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41 ක් වූ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු තාවකාලිකව දුම්රිය නිවාසවල පදිංචිව සිටි පුද්ගලයෙකු බවද පොලිසිය සදහන් කළා.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුද දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන බව සදහන්.

WhatsApp Group

Skip to content