ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ පොල්ගහවෙල – කෑගල්ල හරහා ඇති දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා අද වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද පෙරවරු 7.00 සිට 18 වැනිදා දක්වා පෙරවරු 7.00 දක්වා එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවමින් වසා දමන බවයි.

එම මාර්ගය වසා තබන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් ලබන 17 වැනදා පෙරවරු 7සිට 18 වනදා පෙරවරු 5 දක්වා වසාදමන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content