දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ලබන දුම්රියවල ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නිසි අකාරයෙන් ක්‍රියාත්මක නොවීමට විරෝධය පළකරමිනුයි එහි සේවකයින් සේවා කටයුතුවලින් ඉවත් වී ඇත්තේ.

 

 

WhatsApp Group

Skip to content