කාර්යාල දුම්රිය 6ක් අද දිනයේ අවලංගු කර තිබෙනවා.
එන්ජින් රියදුරන් සහ ක්‍රියාකරුවන් නොමැතිකම හේතුවෙන් මෙලෙස එම දුම්රියන් අවලංගුකර ඇති බව සඳහන්.

මේ අතර උත්සව සමය වෙනුවෙන් ගම්බිම් කරා ගිය පිරිසට නැවත සේවා ස්ථාන සඳහා පැමිණීමට අතිරේක දුම්රිය සේවා අද දිනයේත් ක්‍රියාත්මක බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කලේ.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළිත් කොළඹට පැමිණීමට අතිරේක දුම්රිය සේවා පසුදිය 14 වැනිදා සිට ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

WhatsApp Group

Skip to content