දුම්රිය එන්ජින් රියදුරන්ගෙන් කොටසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ බව දුම්රිය ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය පවසනවා.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවන පෙළ උසස්වීම් ලබා දීම ප්‍රමාධ කිරීම සහ වැටුප් කේතයක් නොමැතිව බඳව බඳවා ගැනීම ප්‍රමාධ කිරීමට එරෙහිව මෙලෙස දුම්රිය වර්ජනයක නිරතවන බවයි එම සංගමය සඳහන් කළේ.
මෙම ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා මීට මාස 10ක සිට වැඩපිළිවෙලක් සකස් කළද එය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම ගැටලු වැඩි වීමට හේතු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content